WordPress කියන්නෙ මොකක්ද? WordPress වලින් මොනවද කරන්ඩ පුලුවන්? What is WordPress, What can we do with WordPress


Introduction to WordPress - හඳුන්වා දීම.

හුග දෙනෙක්ට හුගක් දේවල් ඉගන ගන්ඩ බැරි වෙන්නෙ ඒ දේවල් ගැන මූලික දැනුමක් නැතිකම නිසා.
අපි මේ මුලික ලිපි කිහිපයේ උත්සාහ කරන්නෙ WordPress ගැන මූකික දැනුමක් ඔබ හට ලභ දීමටයි.
නමුත් අපි පොඩි තැනින් පටන් අරන් ගොඩක් දුර යන්ඩ බලාපොරොත්තු වෙනවා.

WordPress කියන්නෙ මොකක්ද? WordPress වලින් මොනවද කරන්ඩ පුලුවන්?

WordPress කියන්නෙ CMS(content management system) එකක්. හැබැයි CMS වලින් එහා ගිය ගොඩක් දේවල් WordPress වලින් කරන්ඩ පුලුවන්(අද්දැකීමෙන් කියන්නෙ). ඇපි ඉස්සරහට ඒව ගැන ඉගනගනිමු.

WordPress  ගැන දන්න කෙනෙක්ට අපේ මූලික ලිපි ටික එතරම් වැදගත් නොවෙන්ඩ පුලුවන්. නමුත් අපි ඉස්සාහට කතා කර්නවා අපිට වැදගත් වන tools සහ WordPress themes and Plugin development ගැනත්.
ඒව ඉගන ගන්ඩ ඕන අයත් අපිව Subscribe කරල Touch එකෙ ඉන්ඩ.

What is a CMS - CMS එකක් කියන්නෙ මොකක්ද? 

මොකක්ද මේ CMS එකක් කියන්නෙ? අපි මුලින්ම ඒක ගැන අදහසක්  ගමු.
සමහර අර්ථ දැක්වීම් ඉස්කෝලෙ යන කාලෙත් ඉගන ගත්ත. හැබැයි තාම තේරෙන්නෙ නෑ නේද?
එහෙම නොවෙන්ඩ අපි මේක තේරෙන විදියකට තෝරගමු.

මුලින්ම නිකමට වගේ මේ ලින්ක් එකට යමු. මේක නිකන් උදාහර්නයක් විතරයි. මේක WordPress web site එකක් නෙමෙයි.
http://www.lankadeepa.lk/

උඩින්ම මෙනු වගයක් තියනවා. මෙන්න මේ වගේ.

මේකෙ කාටූන් මෙනුව උඩ Click කරොත් එහෙම අපි අලුත් පිටුවකට යනවා. ඒකෙ පේන්ඩ තියෙන්නෙ කාටූන් විතරයි.
මේකෙ සයුරෙන් එතර මෙනුව උඩ Click කරොත් එහෙම අපි අලුත් පිටුවකට යනවා. ඒකෙ පේන්ඩ තියෙන්නෙ සයුරෙන් එතර (විදෙස්) පුවත් විතරයි.
මුල් පිටුව දිහා බැලුවොත්, ඒකෙ තියෙන්නෙත් කොටස් කරපු නිව්ස් තැනින් තැන දාල.


ඒකියන්නෙ ලෝකෙම තියන News ටික අරගෙන මෙයාල එක එක කොටස් වලට ඒව බෙදනවා. ඉස්කෝලෙ කාලෙ කුලක පාඩමේ වගේ.

හෆොයි කුලක දන්නෙ නෑ. දැන් මොකද කරන්නෙ? මොකුත් කරන්ඩ ඕන නෑ. ඉස්සරහ්ට යමු.

තොරනක චිත්‍ර තියෙනවා. චිත්‍ර වල අන්ක ගහල තිය්නවා. හදපු උන්ගෙ නම් ගහලා තියනවා. බල්බ් ටික ලස්සනට නිවි නිවී පත්තු වෙනවා. කුලක ඉවරයි, දැන් තොරන. තොරනෙ මේ බල්බ් පත්තු වෙන්නෙ කොහොමද? එක එක රටාවට? සෙට් එකක් ඒකට ඕන කරන වැඩ සහ කිඩ පිටිපස්සෙ වෙනම තැනක ඉදන් කර්නවා.

එවගේ තමයි http://www.lankadeepa.lk/ එකෙත් පින්තුර, ලිපි වෙනම තැනක ඉන්දන් දාන්ඩ පුලුවන්.



අපි හිතමු ඔයා පත්තර වාර්තා කාරයෙක්. ඔයා ලිපියක් ලියනවා. ගිහින් පත්තර කන්තෝරුවට දෙනවා. කන්තෝරුවෙ කට්ටිය ඒකෙ හරි වැරදි බල්නවා. ඊට පස්සෙ අකුරු හදලා, අච්චු ගහනවා. ඊට පස්සෙ ඔයාගෙ පාඨකයො අතට ඔයාගෙ ලිපිය යනවා. මේ ක්‍රියාවලිය සෑහෙන්ඩ සන්කීරණයි.

එකක් CMS කියන්නෙත් පත්තරයක්, හැබැයි කඩදාසි නෑ.
මේ පත්තරේට ඔයා කැමත් වෙලාවක ලිපි, පින්තූර ඇතුලත් කරන්ඩ පුලුවන්. ඔයා අතින් වැරදි දෙයක් පල වුනොත්, ඔයාට එවෙලෙම ඒක නිවැරදි කරන්ඩ පුලුවන්. (එහෙමයි කියල වැරදි දේවල් දාන්ඩ එපා. හරියටම දාන්ද පුරුදු වෙන්ඩ.)

CMS එකක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියනවා. Front End (ඉදිරි අන්තය), Back End (පසු අන්තය).
http://www.lankadeepa.lk/ එකට ගියාම අපිට පේන්ඩ තියෙන්නෙ Front End එක.
ළිපි ලියන්නෙ, ඒවගෙ පින්තූර දාන්නෙ, ළිපි වර්ගීකර්ණය කරන්නෙ Back End එකේ ඉන්දන්.
අපි Back End එකේ ඉන්දන් ඇතුලත් කරණ දේවල්, අපිට වශ්ය නම්  Front End  එකේ පෙන්වන්ඩ පුලුවන්.
පෙන්වන්ඩ අවශ්ය නැත්නම් නොපෙන්වා ඉන්ඩ පුලුවන්. බාගෙට ලියපු ලිපියක් ගබඩා කරල තියන්ඩ පුලුවන්.

අපිටත් පුලුවන් CMS එකක් හදාගෙන,
අපි ඉගන ගන්න දේවල් ලියන්ඩ,
අපි යන එන තැන් ගැන ලියන්ඩ.

ඔයාගෙ ව්‍යාපරයේ තොරතුරු, ඔයාගෙ සන්විදානයේ තොරතුරු, ගමේ සමිතියක තොරතුරු, ඔයාගෙ පාසලෙ තොරතුරු එකී මෙකී නොකී ඕනම තොරතුරක් ගැන ලෝකය දැනුවත් කරන්ඩ ඔයාට වියදමක් නැතුවම CMS එකක් පාවිච්චි කරන්ඩ පුලුවන්.
එතනින් එහාට ගිහින් Ebay, Ali Express වගේ වැඩක් උනත් කරන්ඩ පුලුවන්.

අපි පියවරෙන් පියවර ඉස්සරහට යමු.
කාලෙකට පස්සෙ ලියන්ඩ පටන් ගත්තෙ, ඉස්සරහට තව හොන්ද විදියට ලියන්ඩ පුලුවන් වෙයි.

Comments